අනුරාධපුර නගරයේ රෙදි පිළි අලෙවි සැලක පස් වැනි මහලේ ඉදි කිරීම් කටයුතු සිදු කරමින් සිටි සේවකයින් දෙදෙනකු පලංචිය කඩා වැටී බිමට වැටීමෙන් මිය ගොස් ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ ගල්නෑව මකුලෑව පදිංචි එන්.ඩබ්ලිව්.ජී සරත් රණසිංහ හා ගල්නෑව තලාපකාළවැව පදිංචි එම්.ජී ශාන්ත (35) යන අයයි.