කැලණි ගඟට සහ හැමිල්ටන් ඇළට කැලි කසල බැහැර කරමින් සිටි කාන්තාවන් 12 දෙනෙකු හා පිරිමින් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. පසුව ඔවුහු පොලිස් ඇප මත මුදාහළ බව පොලීසිය කියයි.
පොලිස් නාවික කොට්ඨාශයේ නිලධාරින් කැලණි ගඟ සහ හැමිල්ටන් ඇල ආශ්රිතව සිදුකරණු ලැබු පාරිසරික මෙහෙයුමකදි මෙම අත්අඩංගුවට ගැනීම් ඊයේ (28දා) සිදුකර තිබේ.