පරිසරය ගැන සැමගේ වගකීම් ඉටුකිරීම අවශ්‍යයයි - ජනපති
පරිසර සංරක්ෂණය, පරිසර ඇගයීම් සහ පරිසර වටිනාකම් පිළිබඳ සියලුදෙනාගේ වගකීම් සහ යුතුකම් නිසි ලෙස ඉටුකිරීම අත්‍යාවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ, සොබාදම් පියස, නව ගොඩනැගිලි සංකීර්ණය ඊයේ (14දා) පස්වරුවේ විවෘත කරමිනි.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය පවත්වාගෙන ගිය බත්තරමුල්ල රජමල්වත්ත පාරේ කුලී පදනම මත ලබාගත් නව ගොඩනැගිල්ල වෙනුවට බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ ඉදිකළ සොබදම් පියස නව ගොඩනැගිල්ල සදහා මුල්ගල් තබන ලද්දේ 2015 මාර්තු 18 වැනිදා මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා අතිනි.
ජනතාවට විධිමත් හා කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණින් නවීන තාක්ෂණය හා මුසු වෙමින් හරිත ගොඩනැගිලි සංකල්පය යටතේ සියලු පහසුකම් සහිතව ඉදිකර තිඛෙන මහල් 10 කින් යුත් ගොඩනැගිලි සංකීර්ණය සදහා වැය කර ඇති මුදල රු.මිලියන 1,262 කි.
මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ යම් දිස්ත්‍රික්කයක් තුළ පරිසර නීති රීති නිසි ලෙස ක්‍රියාත්මක කිරීම දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම් ඇතුථ නිලධාරින්ගේ වගකීම වන අතර එම කටයුතු සදහා දේශපාලන බේදයෙන් තොරව සහය දැක්වීම බලය ඇති හෝ බලය නැති සියලු මහජන නියෝජිතයන්ගේ වගකීම බවයි.
අද දවසේ තමන් වෙත පැවරී ඇති කාර්ය නිසිලෙස ඉටුකළ යුත්තේ හෙට දවස සුබදායකකර ගැනීම සඳහා බවද ජනාධිපතිවරයා කියා සිටියේය. සොබාදම් පියසේ 03 වැනි මහලේ ස්ථාපිත කර තිඛෙන අමාත්‍ය කාර්යාලය වෙත ගිය ජනාධිපතිවරයා, විෂයභාර අමාත්‍යවරයා ලෙස එහිදී ලිපි ලේඛන කිහිපයකටද අත්සන් තැබීය.
මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරුන් ඇතුථ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(4).jpg)
(2).jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

