පරිසර හිතකාමී ඉන්ධන මෙරටට හඳුන්වාදීම යටතේ පළමුවෙන්ම මෙරටට හඳුන්වාදීමට ගෙන ආ 10 PPM (ටෙන් පී.පී.එම්) වර්ගයේ ඩීසල් මෙට්රික් ටොන් 7000 ප්රමිතියෙන් තොර බවට හෙළි වී තිබේ.
චීන සමාගමක් හරහා ජූලි මස 03 වැනිදා මෙරටට ගෙන් වූ සල්ෆර් .0001ක් සහිත ඩීසල් තොගය පිළිබඳව කොළොන්නාව පරීක්ෂණාගාරයේදී අවස්ථා දෙකකදී පරීක්ෂා කර තිබෙන බවත්, එම අවස්ථා දෙකේදීම මෙම ඉන්ධන තොගය, ප්රමිතියෙන් තොර බවත්, හෙළි වී තිබේ.
මෙම ඉන්ධන වර්ගය මෙරටට හඳුන්වාදීම පිළිබඳව වෙළෙඳ ප්රචාරණ කටයුතු සඳහා මේ වසරේ මාර්තු මස 07 වැනිදා අධ්යක්ෂක මණ්ඩල පත්රිකා 25/1114 යටතේ රුපියල් කෝටි 25 වෙන්කර තිබේ.