අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබාගන්නා කැලණි ගඟට තෙල් මිශ්‍ර කළ බහු ජාතික සමාගමෙන් දඩ මුදලක් අයකර ගන්නා බවට සඳහන් කළත්, එම දඩ මුදල අයකර ගැනීම නවතා දමා තිබෙන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.
අදාළ තෙල් කාන්දුවීම පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය පරීක්ෂණයක් පවත්වා කැළිකසළ බැහැර කිරීමට ලබාදී තිබූ බලපත්‍රය අවලංගු කළ බවත්, ඔවුන්ගෙන් දඩ මුදලක් අයකර ගන්නා බවට මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළ බවත් එම සංවිධානයේ සභාපති රංජන් විතානගේ මහතා සඳහන් කළේය.
එහෙත් මේ වනවිට අදාළ සමාගමට නැවත බලපත්‍රය ලබාදී තිබෙන බවත්, අයකර ගන්නා බව සඳහන් කළ දඩ මුදල අයකර නොගැනීමට තීරණය කර තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.