පරිපූරක වෛද්‍ය සේවාවට ඇති වී තිබෙන ගැටලු විසඳීමට මෙතෙක් කටයුතු කර නොමැති නිසා මේ මස 22 වන දින සිට වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ සඳහන් කරයි.
මේ අනුව ඉල්ලීම් 10ක් මුල් කරගනිමින් 22 වන දින කොළඹදී විරෝධතා පාගකමනක් පවත්වන බවත් මීට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවද එම සංගමයේ සභාපති අජිත් තිලකරත්න මහතා සඳහන් කළේය.
මෙම ක්‍රියාමාර්ගය සඳහා රටපුරා රෝහල්වල සේවය කරන ඖෂධවේදීන් වෛද්‍ය පර්යේෂණ රසායන විද්‍යාඥයන් භෞතික හා වෘත්තීය චිකිත්සක නිලධාරීන් කොළඹට පැමිණෙන බවද අද (20දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.