දොඩම්ගොඩ වින්ටර් ෆැෂන් ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන්ට අද (20දා) උදෑසන ලබාදුන් ආහාර විෂවීමකින් එහි සේවක සේවිකාවන් 24 දෙනෙකු කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇත.
පරිප්පු හා පොල් සම්බෝල සමග බත් උදේ ආහාරය වශයෙන් මොවුන්ට ලබාදී ඇතැයි පැවසෙයි.
වමනය, හිසරදය සහ පාචනය යන රෝග ලක්ෂණ සහිතව මොවුන් රෝහල්ගත කර තිබේ.
කළුතර සුනිල් එස්. තන්ත්රිආරච්චි