කැලණිය කර්මාන්ත ශාලාවේ සේවක මරණය ගැන වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමත්‍යය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා කම්කරු කොමසාරිස් ජනරාල්වරියට නියෝග කළ බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම අනතුරින් මියගිය සේවකයාගේ පවුලේ යැපෙන්නන්ට හිමිවිය යුතු වන්දි මුදල්ද වහාම ලබාදීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා නියෝග කර ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව එම පරීක්ෂණ කටයුතු සඳහා කම්කරු කොමසාරිස් ජනරාල් චාන්දනී අමරතුංග මහත්මිය ඇතුළු කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිවුදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එම කර්මාන්තශාලාව වෙත පිටත්කර යවා තිබේ.