පරිණත ප්රජාතන්ත්රවාදය රට තුළ ස්ථාපිතව තිබීම හේතුවෙන් වත්මන් ආණ්ඩුව ‘නෝන්ජල් ආණ්ඩුවක්’ යැයි බොහෝ දෙනෙකු සිතා සිටින්නේ යැයි ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
සිරිකොතදී අද (12දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
අගමැතිවරයෙකුගේ කොන්ද පණ තිබීම යනු අනෙකා සමග ‘ගහගැනීම’ නොවන බවත්, ඒ අනුව එවැනි පරිණත ප්රජාතන්ත්රවාදයක් පිළිබඳව ලංකාවේ බොහෝ දෙනෙකුට නිසි අවබෝධයක් නොමැති බවත් හෙතෙම එහිදී වැඩිදුරටත් පවසා සිටියේය.