ගැම්බියා ජනපතිවරණයෙන් බලයේ රැඳී සිටි යහ්යා ජෙම්මේ, විරුද්ධ පක්ෂයෙන් තරග කළ අදමේ බරොව් හමුවේ පරාජයට පත්වීමත් සමග මැතිවරණ ප්‍රතිඵලය පිළිගත නොහැකි බවට වත්මන් ජනපති අභියෝග කරයි.
රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පවසන්නේ මැතිවරණ ප්‍රතිඵලය අසාමාන්‍ය තත්ත්වයක් බවයි. ඒ නිසා අලුතින් ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බව ඔහු පවසයි.
වර්ෂ 1994 දී කුමන්ත්රණයකින් බලයට පැමිණි ජෙම්මේ මෙවර මැතිවරණයෙන් බලාපොරාත්තු නොවූ පරාජයක් ලැබීම ඔහුට දරාගත නොහැකි බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි. එහිදී, ඔහුට එරෙහිව තරග කළ බරොව් 45% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඉදිරියෙන් සිටියි.
කෙසේ වෙතත්, ජෙම්මේ විසින් මැතිවරණ ප්‍රතිඵලයට එරෙහිව යමින් නව මැතිවරණයක් කැඳවීම විදෙස් රාජ්‍යයන්ගේ බලවත් නොසතුටට හේතු වී ඇති අතර, ඇමෙරිකාව ඔහුගේ ප්‍රකාශය හෙළා දැක තිබේ.
මෙවර මැතිවරණයෙන් බලයට පත් බරොව් එරට ප්‍රකට ව්‍යාපාරිකයෙකි. දේපොළ වෙළෙඳාමේ යෙදුණු ඔහු ලබන ජනවාරි මාසයේදී නව ජනධිපතිවරයා ලෙස දිව්රුම් දීමට නියමිතව තිබේ.
කෙසේ වෙතත්, වත්මන් ජනාධිපතිවරයා බලය අත්හැරීමට සූදානම් නොවන වටපිටාවක සාමයෙන් හා ගැටුමකින් තොරව බලය හුවමාරු කරගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාගනිමින් සිටින බව ඔහුගේ දේශපාලන අධිකාරිය පවසයි.
අප්‍රිකානු මහද්වීපයේ ඉතා කුඩාම රාජ්‍ය ලෙස සැලකෙන ගැම්බියාවේ ජනගහනය ආසන්න වශයෙන් මිලියන දෙකක් ඉක්මවා යයි.
බරොව් (වමේ) ජෙම්මේ (දකුණේ)
බරොව් ලැබූ ජයග්රහණයෙන් ප්‍රීතියට පත් ජනතාව