මහ මැතිවරණයට තරග කර පරාජයට පත්වූ කිසිම අපේක්ෂකයකු නැවත ජාතික ලැයිස්තුවෙන්පාර්ලිමේන්තුවට පත් නොකිරීමට අගමැති රනිල් වික්රමසිංහ මහතා තීරණය කර ඇතැයි එක්සත්ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
මහමැතිවරණයෙන් ලබා ගත් ඡන්ද ප්රතිශතයට අනුව එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්රී ධූර 13 ක් හිමිවිය.එජාප ජාතික ලැයිස්තුවෙන් පත්කෙරෙන මන්ත්රීවරුන්ගේ නාමලේඛනය හෙට (20දා) මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා වෙත ලබාදීමට නියමිතය.