මැතිවරණයෙන් පාරාජිත පුද්ගලයින් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට යැවීම සදාචාරාත්මක නොවන ක්‍රියාවක් බව කැෆේ සංවිධානය පවසයි. එහි විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේ මෙලෙස පරාජිත අපේක්ෂකයින් ඡාතික ලැයිස්තුවට ඇතුළත් කිරීම මැතිවරණ පනතට අනුව සිදුවුනත් එය සදාචාරාත්මක වශයෙන් පිළිගත නොහැකි ක්‍රියාවක් බවයි.
මෙලෙස සදාචාරාත්මක නොවන ක්‍රියා වලට ජනතා විරෝධය මතුවිය යුතු බවත් එම විරෝධය ඔස්සේ මැතිවරණ ක්රමයේ සංශෝධනයක් සිදු කර මෙවැනි සදාචාර විරෝධි ක්‍රියා වළක්වාලීම දක්වා රට මෙහෙයවිය යුතු බවද තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජිතයින් 7 දෙනෙක්, ද්‍රවිඩ ජාතික සන්ධානය පරාජිතයින් දෙදෙනෙක්, ජවිපෙ සහ එජාප පරාජිතයින් එක් පුද්ගලයින් බැගින් ජාතික ලැයිස්තුවට එක් කර ඇති බව කැෆේ සංවිධානය සඳහන් කරයි.