ලෝකයේ මී මැස්සන් ඇතුළු පරාගපෝෂණයේ යෙදෙන සතුන් වඳවී යාමේ තර්ජනයක් පවතින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම වාර්තාවක් අනතුරු අඟවයි.
මේ හේතුවෙන් ආහාර භෝග වගාවට සහ ස්වභාවික පරිසරයෙන් ආහාර ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උදාවිය හැකි බවද එම වාර්තාව පෙන්වා දෙයි.
එම වාර්තාව කරුණු දක්වන පරිදි මේ වනවිට සමනල හා මීමැසි විශේෂ ගණනාවක්ම වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටිති.
විශේෂයෙන්ම යුරෝපයේ සහ උතුරු ඇමෙරිකාවේ මල් පැණි ආහාරයට ගන්නා කුඩා කුරුළු විශේෂ, විවිධ වර්ණයෙන් යුතු පියාපත් ඇති කුරුමිණි විශේෂ මෙන්ම වවුල් පවුලට අයත් ජීවීන්ද වඳවීමට ලක්ව ඇති බව කියැවෙයි.
මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මිහිතලය දිනෙන් දින උණුසුම් වීමත්, තවත් මිනිස් ක්‍රියාකාරකමක් වන කෘමි නාශක භාවිතයත් මෙසේ එම සතුන් වඳවී යාමට හේතු වී ඇති බවද එම වාර්තාව වැඩිදුරටත් පවසයි.
පෘථිවියේ ජෛව විවිධත්වය මැන බැලීම සඳහා වසර දෙකක කාලයක් ලොව වටා විද්‍යාඥයන් විසින් සිදුකරන ලද දත්ත ඒකරාශී කිරීමෙන් මෙම වාර්තාව සකස් කර තිබුණි.