පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජලය ඉහළ යෑම නිසා වාන් දොරටු හතරක් අද (09 දා) පස්වරුවේ විවෘත කිරීමට පියවර ගත් බව පොළොන්නරුව කලාප වාරි මාර්ග කාර්යාලය පවසයි.
මේ අනුව පරාක්‍රම සමුද්‍රයේ සමස්ත ජල ධාරිතාව අක්කර අඩි එක්ලක්ෂ දාසය දහස් එකසියයක් බවත්, එක් වාන් දොරටුවකින් ජලය තප්පරයට ඝන අඩි 560ක් පිටව යන බවත් පොළොන්නරුව ප්‍රාදේශීය වාරි ඉංජිනේරු අසේල උදයංග මහතා පැවසීය.
ජලාශයේ සමස්ත ජල ධාරිතාව සියයට සියක් බවත්, ඉදිරියේදීත් වර්ෂාව වැඩි වුවහොත් වාන් දොරටු ප්‍රමාණය වැඩි කිරීමට සිදුවන්න බවත් ඒ මහතා පැවසීය.
ජලය මහා වැලි ගගට මුදා හැරෙන අතර, ගඟ පරිහරණය කරන අය අවදානයෙන් සිටීම වැදගත් බව පොළොන්නරුව කලාප වාරි මාර්ග අධ්යක්ෂ කාර්යාලය අවධාරණය කළේය.