(UPDATE) පොළොන්නරුවට පැවැති දැඩි නියඟය හමාර කරමින් දින 02ක් පුරා පැවැති දැඩි වර්ෂාව හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයෙන් අටක් විවෘත කර ඇති බවත්, අඩි එක බැගින් වාන් දොරටු හයක්ද, අඩි දෙක බැගින් දොරටු දෙකක්ද අද (27දා) රාත්‍රී 8.00 වන විට විවෘත කළ බවත් පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂක එස්. කේ. හේවගේ මහතා පැවසීය.
මේ වන විට පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව අක්කර අඩි එක් ලක්ෂ දාහත් දාහක් ඇති බවත්, දොරටු අටක් විවෘත කර ඇති අතර, තප්පරයට ඝන අඩි 1400ක් ජලය පිටවන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙම ජලය මහවැලි ගඟට මුදාරින බවත්, එබැවින් ගඟ දෙපස සිටින ජනතාව සහ ගඟ පරිහරණය කරන ජනතාව අවධානයෙන් සිටින ලෙසත් පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂක එස්. කේ. හේවගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.