කෘෂිකාර්මික පර්යේෂණ මඟින් ලබා ගන්නා වූ තොරතුරු ගොවිජනතාව වෙත නිවැරදිව සම්ප්‍රේෂණය කළ යුතු බවත් එයකාලීන අවශ්‍යතාවක් බවත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
පසුගිය වසර දෙක තුළ ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් සිදු කරනු ලැබූ පර්යේෂණ රට හමුවේ තැබීමේ දී එම කරුණු වෙනස් විය යුතු ආකාරය නවීකරණය විය යුතු ආකාරය පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතු බවත් අමාත්‍යවරා පැවසීය.
ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ රට තුළ වගා කළ හැකි ඉඩම් තුළ වගා කිරීම සහ ඒවායෙන් උපරිම ඵලදාවක් ලබා ගැනීම තුළින් යම් යම් බෝග වලින් අප රට ස්වයංපෝෂිත කිරීමේ අභියෝගය ජය ගැනීම තුළින් ආහාර ද්‍රව්‍ය පිටරටින් ගෙන ඒමට වැයවන මුදල් අප රටේ සංවර්ධනයට යොදා ගත හැකි අකාරය පිළිබඳවද අදහස් දැක්වීමට.
තවද මෙම නව පර්යේෂණ මඟින් සොයා ගන්නා ලද කරුණු ග්රන්ථ වලට පමණක් සීමා නොවී එම කරුණු පිළිබඳ විද්වත් කතිකාවත් ඇති කර නිවැරදි කරුණු ගොවි ජනතාව වෙත සමාජගත කිරීම තුළින් කෘෂිකර්මාන්තය නව දිශාවකට යොමු කළ යුතු බව අවධාරණය කළේය.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකාවේ "ගොවිජන හා ග්‍රාමීය සංවර්ධනය" යන මැයෙන් පවත්වන ලද පර්යේෂණ සම්මන්ත්‍රණයේදී අමාතවරා මේබව කීය.