මෙම වසරේ අප්‍රේල් මස 11දා සිට ආනයනය කළ සියලුම ටින් මාළු විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවට ගෙන්වනු ලැබූ ටින් මාළු පරපෝෂිත ආසාදනයට ලක්ව ඇති බවට ලද තොරතුරකට අනුව මෙම ක්‍රියාමාර්ග ගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
ඒ අනුව අප්‍රේල් 11දා සිට මෙරටට ආනයනය කළ සියලුම ටින් මාළු තොග බහාලුම් 60 (කන්ටෙයිනර් 175) පරීක්ෂාවකට ලක්කර තිබේ. එහිදී ලබාගත් සාම්පල් 184න් 149ක් පරපෝෂිත ආසාදනයට ලක්ව ඇති බවට තහවුරු කරගෙන ඇති අතර, එම බහාලුම් සියල්ල ඒවා ආනයනය කළ රටවල්වලට ආපසු යැවීමට කටයුතු කරන බවද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.
ඉදිරියේදී මෙවැනි ප්‍රමිතියෙන් තොර ටින් මාළු රට තුළට ඇතුළු වීම වැළැක් වීමේ පියවරක් වශයෙන් සෑම බහාලුමකින්ම සාම්පල් ලබාගෙන එකිනෙක විවෘත කර පරීක්ෂාවකට ලක්කර අදාළ නියැඳි අනුමත රස පරීක්ෂකකට යොමු කර වාර්තා ලබා ගන්නා බවද අනිල් ජාසිංහ මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
එසේම ආරක්ෂිත පියවරක් වශයයෙන් වෙළෙඳපොළේ විකිණීම සඳහා ඇති ටින් මාළු පරීක්ෂාවකට ලක්කරන අතර, ප්‍රමිතියෙන් තොර තොග ඇත්නම් ඒවා සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව සියලුම නිලධාරීන් දැනුම්වත් කර ඇතැති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.