ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් සිට කටුනායක බලා ධාවනය වූ ශ්‍රී ලංකන් යානයක් නියමිත වේලාවට වඩා පැය 15ක පමණ ප්‍රමාදයකින් ධාවනය කිරීම හේතුවෙන් එම ගුවන් යානයේ ගමන් ගත් මගීන් 259 දෙනෙකුට රුපියල් ලක්ෂ 260ට අධික වන්දි මුදලක් ගෙවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සිදුවෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම ගුවන් යානයේ ගුවන් නියමුවා බීමත්ව සිටීම හේතුවෙන් මෙසේ ගුවන් ගමන ප්‍රමාද වූ අතර ඒ අනුව වහාම ක්‍රියාමත්මක වන පරිදි ගුවන් නියමුවාගේ නියමු බලපත්‍රය අහෝසි කිරීමටත් සිවිල් ගුවන් සේවා අධිකාරිය කටයුතු කළේය.
කෙසේ වෙතත් යුරෝපා සංගමයේ රීති අනුව කිලෝමිටර් 3500ට වැඩි දුරකින් යුත් ගුවන් ගමනක් පැය හතකරක ප්‍රමාදයකින් යුතුව ධාවනය වන්නේ නම් එම ගුවන් යානයේ ගමන් ගන්නා එක් මගියෙකුට යුරෝ 600ක්, ආහාර, නවාතැන් පහසුකම් හා දුරකතන ඇමතුම් ලබාදීමට අදාළ ගුවන් සමාගමට සිදුවෙයි.
යුරෝපා සංගමයේ රටකින් ගමන් ආරම්භ කිරීමත් ෆ්රැන්ක්ෆර්ට් සිට කොළඹට කිලෝමීටර් 8075ක් තිබීමත්, ගුවන් යානය පැය හතරකට වඩා (සත්‍ය ලෙස පැය 15ක්) ප්‍රමාද වීමත් හේතුවෙන් එක් මගියෙකුට යුරෝ 600ක් (රුපියල් 100,632) වන්දි වශයෙන් ගෙවිමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සිදුවෙයි.
ඒ අනුව යානයේ මගීන් 259 ක් ගමන් කිරීමට නියමිතව තිබූ හෙයින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගෙවීමට සිදුවෙන සමස්ත වන්දි මුදල රුපියල් 26,063,688 කි. (259x600x167.72= 26,063,688)