පබා සහ බන්දුලත් වංචා විමර්ශන කොමිසමට
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදු වූ බව කියන වංචා සහ දූෂණ සිද්ධීන් පිළිබඳව ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි (පබා) මහත්මිය සහ ප්‍රවීණ රංගන ශිල්පී බන්දුල විජේවීර මහතා අද (29දා) බරපතළ වංචා සහ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට කැඳවා තිබේ.
බරපතළ වංචා සහ දූෂණ චෝදනා පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිලිවලට අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදු වූ බව කියන වංචා සහ දූෂණ සිද්ධීන් පිළිබඳව සිදුකරන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා ඔවුන් මෙලෙස කොමිසම හමුවට කැඳවා ඇත.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඡන්ද ව්‍යාපාර කටයුතුවල නිරත වීම සහ කලාකරුවන් ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් මුදල් ලබාගැනීම ඇතුළු සිද්ධීන් පිළිබඳව මෙම මන්ත්‍රීවරිය හා කලාකරුවාට අමතරව තවත් ගායකයන් දෙදෙනෙකුද ප්‍රකාශ ලබාගැනීමට කොමිසම හමුවට කැඳවා ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය භාරව තිබූ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ඇමතිවරයා ලෙස කටයුතු කළ වර්තමාන නීතිය හා සාමය පිළිබඳ රාජ්‍යඅමාත්‍ය පියංකර ජයරත්න මහතාද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නිශාන්ත වික්‍රමසිංහ මහතාද ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගැනීම සඳහා එම කොමිසම හමුවට කැඳවා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

