කකුලේ පැවති තුවාලයක් හේතුවෙන් රෝගාතුරව සිටි පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ ‘සීදේව්‘ නමැති අලියා (45) අද (17දා) අළුයම මියගොස් ඇත.මේ වනවිට අලියාගේ අවසන් කටයුතු වෙනුවෙන් ආගමික වතාවත් සිදුවෙමින් පවතින බවත් මාධ්‍යවේදීන්ට හා පරිසරවේදීන්ට එහි ඇතුල්වීමට අවසර ලබා දී නොමැති බවට වාර්තා වේ.