රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ සඳහන් වී තිබූ ප්‍රශ්න තුනක් අනුමාන ප්‍රශ්න පත්‍රයක සටහන් කර තිබීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසට පොලීසියට උපදෙස් ලබාදුන් බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
මීට අමතරව පදවිය පරාක්‍රම පුර විභාග මධ්‍යස්ථානයට ප්‍රශ්න පත්‍රයක් අඩු වීම පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් සිදුකරමින් තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
අනුමාන ප්‍රශ්න පත්‍රය පිළිබඳව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
ඊයේ (19දා) පැවැති උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයක් අඩුවෙන් විභාග මධ්‍යස්ථානයට ලබාදී තිබෙන අතර, විභාග මධ්‍යස්ථානය මගින් අදාළ ගැටලුව විසඳාගෙන තිබේ.
එම ප්‍රශ්න පත්‍ර‘යේ සඳහන් ප්‍රශ්න 03ක් සහිත අනුමාන ප්‍රශ්න පත්‍රයක් ගම්පහ ප්‍ර‘දේශයේ උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු විසින් ලබාදී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.