ජාත්‍යන්තර තරගවලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රීලංකාව නියෝජනය කරමින් ලබාගන්නා පදක්කම් විකිණීමට හෝ වෙන්දේසි කිරීමට නොහැකිවන ලෙස අනාගතයේදී නීතියත් ගෙන එන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
සුසන්තිකා ජයසිංහ මහත්මිය විසින් ඔලිම්පික් පදක්කම වෙන්දේසි කිරීමේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේබව පවසා සිටියේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (07දා) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව පවසා සිටියේය.
ඔලිම්පික් පදක්කම වෙන්දේසි කිරීමට අවශ්‍යනම් එය අමාත්‍යාංශයට වෙන්දේසි කරන ලෙසද අමාත්‍යවරයා කීවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
‘‘ ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරනවානම් අමාත්‍යාංශයට වෙන්දේසි කරන්න. මම ඒක අමාත්‍යාංශයේ තියාගන්නම්. මොකද ඒක රටට ලැබුණු පදක්කමක්. ඒක එතුමියට පෞද්ගලිකව වෙන්දේසි කරන්න අයිතියක් නැහැ. ඒ පදක්කම වෙනුවෙන් ලංකාවේ ආණ්ඩුව කෝටි කීයක් වියදම් කරන්න ඇද්ද?
අනාගතයේ මම නීතියක් ගේනවා කිසිම පදක්කමක් තමන් සතුකරගන්න බැරි වන ආකාරයට. එම පදක්කම් අයිතිලංකාවටයි. කාටවත් ඒවා විකුණන්න බැහැ. ඒවා අපිට අවශ්‍යයි.‘‘ යැයිද පවසා සිටියේය.