සංවිධානාත්මක අපරාධ මැඬ පැවැත්වීමට හා මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට සිදුකරන පොලිස් මෙහෙයුම් කඩිනම් කරන ලෙසට නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (11දා) පොලීසියට උපදෙස් ලබාදී තිබේ.
පොලීසිය සහා විශේෂ කාර්ය බළකාය විසින් සිදුකරන මෙහෙයුම්වලට ගම් මට්ටමින් ක්‍රියාත්මක වන ප්‍රජා පොලිස් ඒකකවල සහයෝගය ලබාගන්නා ලෙසටත් අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත.
මීට අමතරව විදේශ රටවල සැඟව සිටිනා සංවිධානාත්මක අපරාධකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙසටත් උපදෙස් ලබාදී තිබේ.