නොවැදගත් කරුණු ඉස්මතු කරමින් ඇතැම් පිරිස් පටු දේශපාලන අරමුණු ඉටුකරගැනීමේ උත්සාහයක නිරතව සිටින බව උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.
අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හෙතෙම මේබව කීය. ජන සංහාර සතියක් සැමරීමට දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් පිරිස් කටයුතු කිරීම නීති විරෝධී නොවන බවත් එල්.ටී.ටී.ඊ.ය සමරන බවට දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු ප්‍රකාශයට පත් නොකිරීම පැසසිය යුතු කරුණක් බවත් හෙතෙම කීය.