කැලණිය, පට්ටිවිල පරිප්පු ඇසුරුම් කම්හලක සේවය කරමින් සිටි සේවකයෙකු එම පරිප්පු බහාලුමකට යටවී ජීවිතක්ෂයට පත්ව තිබේ.
වයස අවුරුදු 37ක් වූ හෙම්මාතගම පදිංචි මොහොමඩ් යුනයිඩ් මොහොමඩ් නවාස් නැමැත්තා ඊයේ (24දා) සිදුවූ මෙම හදිසි අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය අයගේ මෘත ශරීරය කිරිබත්ගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද (25දා) සිදුකිරීමට නියමිතය. කැලණිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.