වීසා නොමැතිව මෙරට රැඳී සිටි පකිස්තානු ජාතිකයෙකු කොල්ලුපිටිය ප්රදේශයේදී අද (20දා) අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක් පමණ වන පුද්ගලයෙකු බවත්, ඔහු අද දින අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය පවසයි.
සිදුවීම සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.