ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරක්ෂාව හේතුවෙන් විනයවිරෝධීව කටයුතු කළ සාමාජිකයන් වෙනුවෙන් දැඩි තීන්දු ගැනීමට පක්ෂයේ විධායක සභාව තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
පසුගිය කාලසීමාව තුළ සාමාජිකයන් කුමන වරද සිදුකළද ඒ කිසිවෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු නොකළ බවත්, එසේ වුවද ඉදිරියේදී මෙම තත්ත්වය වෙනස් වනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
හෙතෙම මේ බව පැවසුවේ අද (17දා) පැවැති මාධ්‍ය හමුවකදීය.