තමා වෙහෙසුණේ පක්ෂය දිනවීමට ඡන්ද එකතු කිරීමට මිස මනාප එකතු කිරීමට නොවන බවත්, ඒ හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කය එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජයගත හැකි වූ බවත් නාමල් රාජපක්ෂ මහතා %අද^ ට පැවසීය.
තමාගේ ප්‍රතිවාදියා වූ කැබිනට් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද වෙනුවට මනාප එකතු කළ නිසාවෙන් ඔහුට හම්බන්තොට දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට නොහැකි වූ බවද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ආණ්ඩු බලය සහ කැබිනට් අමාත්‍යධුරයක්ද තිබියදී එජාපය හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පරාජය වූයේ පක්ෂය දිනවීමට වඩා තමා ගැන සිතූ නිසා බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
නාමල් රාජපක්ෂමහතා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මනාප 127,201 ක් ලබාගත් අතර, සජිත් ප්‍රේමදාස මහතා ලබාගත්තේ මනාප 112,645 කි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය හම්බන්තොටින් ආසන හතරක් දිනාගත් අතර, එක්සත් ජාතික පක්ෂය දිනාගත හැකිවූයේ ආසන දෙකකි.