පක්ෂ මාරු කිරීමේ අදහසක් නෑ ප්‍රතිසංවිධානය විය යුතුයි
එක්සත් ජාතික පක්ෂය තුළ සිදු කරනු ලබන බවට පොරොන්දු වූ ප්‍රතිසංස්කරණ අනිවාර්යෙන්ම සිදුවිය යුතු බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පවසති.
පක්ෂ ප්රතිසංවිධාන කටයුතු දියාරු කිරීමට ඇතැමුන් පක්ෂ මාරුකරන බවට බොරු ප්‍රකාශ පතුරුවා හරින බවද පාක්ෂිකයන් එයට හසුනොවිය යුතු බවද එක්සත් ජාතික පක්ෂික මන්ත්‍රීවරු පිරිසක්%අද^ ට පැවසූහ.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පක්ෂ මාරුකිරීමේ සූදානමක් ඇතිදැයි සොයාබැලීමේදී එවැනි කිසිදු සූදානමක් නොමැති බවද කිසිවෙකු එලෙස දන්වා නොමැති බවද මන්ත්‍රීවරු ප්‍රකාශ කළහ.
පක්ෂය තීරණය කළ පරිදි මෙම මස 30 දා වනවිට ප්රතිසංවිධාන කටයුතු ඒ ආකාරයෙන්ම සිදුවිය යුතු බවද ඔවුන් ප්‍රකාශ කළ අතර රාජ්‍ය අමාත්‍යවරුන් වන පාලිත රංගේ බණ්ඩාර, වසන්ත සේනානායක අමාත්‍යවරුද ඒබව එසේම ප්‍රකාශ කළහ.
%අපේ මතය යටපත් කරන්න මේ මොහොතේ වෙනත් මත ප්‍රචාරය කරනවා වෙන්න පුළුවන්. අපේ පක්ෂයෙන් යනවා කියලා කිසිම කෙනෙක් තාම කියලා නැහැ.
අපි කොහෙවත් පක්ෂ මාරු කරනවා කියලා නැහැ.පක්ෂයේ ප්රතිසංවිධාන අප්‍රේල් 30 ට පෙර සිදුකරනවා කියලා තියෙන්නේ. අපි ඒ දිහා බලාගෙන ඉන්නවා.
පක්ෂ ප්‍රතිසංවිධානය දියාරු කිරීමට එක එක කෙනා අටවන දේවල් නිසා පාක්ෂිකයා අපි කෙරෙහි කලකිරවන්න මෙවැනි ප්‍රචාර කරනවා වෙන්න පුළුවන්.
එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරන්න මතවාදයේ අපි ඉන්නේ. එහෙම නැතිව දියාරු කිරීමඅපේ මතවාදය නොවෙයි.
අපේ මතවාද යටපත්කරන්න එක එක පක්ෂවල අයත් මේ කොන්ත්‍රාත් කරනවාද කියලා අපි දන්නේ නැහැ.^ යැයි පැවසූහ.
ඊයේ (11දා) දිනයේ දී එජාප මන්ත්‍රීවරු පිරිසක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වීමට ඉඩ ඇතැයි පළ වූ විවිධ මත සම්බන්ධයෙන් එජාපයේ වෙනසක් අපේක්ෂා කළ මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයන් කිහිප දෙනෙකු ගෙන් අද කළ විමසුමකදී අදාල මන්ත්‍රීවරු මෙම අදහස් පළ කළහ. විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යෑමෙන් නව ඇමතිතනතුරු කිසිවක් ඇති නොවීමෙන් ඇතැම් මන්ත්‍රීවරු කළකිරී ඇතැයි පළවූ වාර්තා මෙම මන්ත්‍රීවරු ප්‍රතික්ෂේප කළහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


