ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකත්වය ලබාදුනහොත් එය මහජනතාවට කරන විශාලතම ද්‍රෝහිකමක් හා පාවාදීමක් බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද ට පැවසීය.
තමා දන්නා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ නොකරන බවත්, හදිසියේ හෝ එලෙස අපේක්ෂකත්වය ලබාදුනහොත් පක්ෂ, පාට නොබලා රට වෙනුවෙන් දැඩි තීන්දු ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.