පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන්ගේ පක්ෂ නායක රැස්වීමක් මැයි 02දා කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තු සැසිය නැවත ආරම්භ වන මැයි 08 වැනිදා හා ඉන් අනතුරුව පාර්ලිමේන්තු කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑම පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම සාකච්ඡාව කැඳවා තිබේ.
මෙය නොනිල මට්ටමින් පැවැත්වෙන සාකච්ඡාවක් වේ. මැයි 08 වැනිදා පාර්ලිමේන්තුව කැඳවූවත් එය ජනපතිවරයා සිදුකරන රාජාසන කතාවට පමණක් සීමා වේ.
මේ අනුව ඉන් පසුව පාර්ලිමේන්තුව කැඳවන දින හා ඉදිරි කටයුතු පිළිබඳව මැයි 02 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී තීරණය කිරීමට නියමිතය.
එසේම නව සැසිවාරය ආරම්භ වූ විට පාර්ලිමේන්තුවේ ගිණුම් කාරක සභාව (COPA) හා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) කමිටු සඳහා නව සාමාජිකයන් පත්කළ යුතුද වේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ඇසුරෙනි