පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම අද (23දා) පාර්ලිමේන්තුවේදී රැස්වූ බව කතානායක කාර්යාලය නිවේදනය කරයි.
පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුවේදී පක්ෂ නායක රැස්වීම ආරම්භව තිබෙන අතර ආණ්ඩුක්රම සම්පාදක මණ්ඩලය පත් කිරීම පිළිබඳව හා ඒ පිළිබඳව විවාදය පැවැත්වීම කෙරෙහි මෙහිදී අවධානය යොමු වූ බව කතානායක කාර්යාලය කියයි.
ඒ අනුව අද දින ප.ව 1.30 ට ආණ්ඩුක්රම සම්පාදක මණ්ඩලය පත් කිරීම පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරමින් විවාදය ආරම්භ කරන අතර,හෙට දිනයද එම විවාදය සඳහා වෙන් කරනු ඇත. හෙට පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.