අත්තනගල්ල ප්‍රාදේශිය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනසෙත පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා ඇතුළු තිදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (05දා)පෙත්සමක් ගොනු කළහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් සහ ජනසෙත පෙරමුණ වෙනුවෙන් අත්තනගල්ල ප්‍රාදේශිය සභාව සඳහා එක් පුද්ගලයෙකු තරග කරන බව පෙන්වා දෙන පෙත්සම්කරුවෝ, ඒ හේතුවෙන්ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනසෙත පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත්රප්රතික්ෂේප කරන්නැයි ඉල්ලා සිටිති.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමසාරිස්වරයා, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සහ ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා සහ පක්ෂ දෙකේ සියලුම මැතිවරණ අපේක්ෂකයන් ඇතුළු 109ක් නම් කරනු ලැබ සිටිති.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් සහ ජනසෙත පෙරමුණ වෙනුවෙන් අත්තනගල්ල ප්‍රාදේශිය සභාව සඳහා එක් පුද්ගලයෙකු තරග කරන බව පෙන්වා දෙන පෙත්සම්කරුවෝ, එය පළාත් පාලන මැතිවරණ පනත උල්ලංඝනය කිරීමක් බවත්, එම ප්‍රාදේශිය සභාවට තරග කරන මන්ත්‍රීවරුන් තේරී පත්වූවන් ලෙස ප්‍රකාශයට පත් කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් සිය පෙත්සම මගින් ඉල්ලා සිටිති.