එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදාකාලිකව එකට සිටිය හැකි පක්ෂ දෙකක් නොවන බවත් එකට සිටීමද හොඳ දෙයක් නොවන බවත් සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.
ප්‍රධාන පක්ෂ දෙක එසේ සදාකල් එක්ව සිටීම රටේ ප්රජාතන්ත්රවාදයට අහිතකර බවද ඇමතිවරයා සඳහන් කළේය. පෙරේදා (19දා) මාරස්සන නගරයේ පැවැති ජන හමුවකදී ඔහු සෙස අදහස් දැක්වීය.
“මේ පක්ෂ දෙකට සදාකාලිකව එකට ඉන්නත් බෑ...ඉන්න හොඳත් නැහැ.මේ පක්ෂ දෙක දෙපැත්තේ තිබීම ප්රජාතන්ත්රවාදයට ගුණදායකයි.එහෙම නැත්නම් ඒ වෙනුවට විකල්ප හැටියට පත්වෙන්නේ අන්ත ජාතිවාදී හා ත්‍රස්තවාදී කල්ලි ඒ නිසා රටට ශක්තිමත් විපක්ෂයක් තිබීම ප්රජාතන්ත්රවාදයට අත්‍යවශ්‍ය කරුණක්”