ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද පදනම තුළින් පාර්ලිමේන්තුවට පැමිණි සුළු පක්ෂ නියෝජනය කරන කිහිපදෙනෙකු ශ්‍රීලනිප දෙකඩ කිරීමේ ව්‍යාපෘතියක නිරත වී ඇති බවත් ඔවුන් පක්ෂ ද්‍රෝහියෝ බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
නමුත් බිම් මට්ටමේ පාක්ෂිකයන් කිසිවකු ශ්‍රීලනිප දෙකඩ වනවාට අකමැති බවත්, ඔවුන් සියල්ලෝම පවසන්නේ නායකයන් සියල්ලන්ම එකතුව පක්ෂයේ ඉදිරි වැඩකටයුතු සිදුකරන ලෙසට බවත් හෙතෙම පැවසීය.
කෙසේවෙතත් පක්ෂ නායකත්වයට ගරු කළ යුතු බවත් වත්මන් ආණ්ඩුව තවත් අවුරුදු 04 පවතින බැවින් ඒ වනවිට මෙම ප්‍රශ්න විසදේවි යැයිද අමාත්‍යවරයා ප්‍රකාශකරන ලද්දේ අද පැවති මාධ්‍ය හමුවකදීය