පෞද්ගලික සමාගමක් නමින් පෙනී සිටිමින් විවිධ ප්‍රදේශවල ඉඩම් සඳහා ව්‍යාජ ඔප්පු සාදා, එම ඉඩම් විකුණා රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් වංචාකර ඇති පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මෙම සැකකරු ශ්‍රී ලංකාවේ ඉපිද, නෝර්වේ පුරවැසිභාවය ලබාගත් ස්ටෙපන් හෙල්ගසන් නමැත්තෙකි.
සැකකරුට විරුද්ධව පැමිණිලි 50 ක් හා වරෙන්තු 19 ක් පවතින බවද පොලීසිය සඳහන් කරයි.
රත්නායක රාජපක්ෂ මුදියන්සේලාගේ රොහාන් සමන් රත්නායක, ගමගේ දයානන්ද හේරත්, රණසිංහ ආරච්චිගේ තිලකරත්න, වාසල මුදලිගේ අසංක ප්‍රේමචන්ද්‍ර ලෙස ව්‍යාජ නම් හතරකින් ඔහු පෙනී සිට ඇත.
ග්‍රීන් ෆීල්ඩ් ප්රවයිට් ලිමිටඩ් නමින් හෝ ඉහත සඳහන් නමකින් හෝ පෙනී සිටි පුද්ගලයෙකුගේ වංචාවකට හසුවූ අයෙකු සිටී නම් 011 232 0141, 011 232 0142 යන දුරකථන අංකවලට පැමිණිලි කරන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.