නොවුල් චණ්ඩ මාරුතය ඊසානදිග පිලිපීනය වෙත ළඟාවෙමින් තිබෙන බව එරට කාලගුණ බලධාරීහු පවසති.
මේ හේතුව නිසා පුද්ගලයන් 1,000ක් පමණ දැනටමත් වෙරළාශ්රිත ප්රදේශවලින් ඉවත් කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.
එරට වේලාවෙන් අද සවස් කාලය වනවිට එහි ප්රධාන දූපත වන ලූසෝන් වෙත චණ්ඩ මාරුතය ඇතුල් වනු ඇති බව කියැවෙයි.
මේ අතර, ගුවන්ගමන් හා ඒ ආශ්රිත නාවික කටයුතුද මෙම කාලගුණික තත්ත්වය හේතුවෙන් නවතා දමා ඇති බව පැවසෙයි.
පිලිපීන මුහුද සීමාව නිරන්තරයෙන් දරුණු කාලගුණික තත්ත්වයන්ට මුහුණ දෙන අතර, 2013 වසරේදී එරටට බලපෑ හයියාන් චණ්ඩමාරුතයෙන් ජීවිත 7,000ක් පමණ අහිමි විය.