දුම්රිය මැදිරි තුළ සිඟමන් යැදීම සහ විවිධ දැ අලෙවි කරන්නන් පිළිබඳව ම නොවැම්බර් මස 01 වැනිදා සිට විශේෂ විමර්ශන සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. දුම්රිය මැදිරි තුළ සිඟමන් යැදීම වෙළදාම් කිරීම ආදී සියල්ල තහනම් කිර තිබේ. නියෝගය නොතකා දුම්රිය තුළ සිඟමන් යදින පුද්ගලයින් අධිකරණයට යොමුකරව බවත් සිඟමන් යදින්නන් මෙන්ම ගැටකපන්නන්ගෙන්ද මගී ජනතාවට සිදුවන පීඩාවන් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව දුම්රිය ගමනා ගමන අධිකාරි විජය සමරසිංහ මහතා පැවසීය.