නඩත්තු කටයුතු වලින් පසුව නොරොච්චෝලේ විදුලි බලාගාරයේ මෙගාවොට් 900ක සම්පූර්ණ ධාරිතාවය අද(29) දිනයේ සිට නැවතත් ජාතික විදුලිබල පද්ධතියට මුදාහැර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසිය. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරය අක්‍රීයවීමත් සමග එහි නඩත්තු කටයුතු සිදුකිරීම වෙනුවෙන් සම්පුර්ණ ධාරිතාව මුදාහැරීම තාවකාලිකව අත්හිටුවා තිබිණ.