නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය ජාතික අවශ්‍යතාවක් බැවින්, එමගින් පරිසරයට සහ ජනතාවට සිදුවෙතැයි පවසන හානි සහ අපහසුතා අවම වන අන්දමින්, පරිසර අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ වඩාත් පරිසර හිතකාමී ආකාරයෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය සියළු පියවර ගන්නා බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශකර සිටී.
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය තුළින් පරිසරයට සහ ඒ අවට ජනතාවට සිදුවෙතැයි හානි පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අද (14දා) පස්වරුවේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඉදිරියේදී නොරොච්චෝල බලාගාරය පවත්වාගෙන යාම සඳහා පරිසර ආරක්ෂණ ක්‍රම අනුගමනය කිරීමට පියවර ගන්නා බවද විෂයභාර අමාත්‍ය සියඹලාපිටිය මහතා ප්‍රකශ කළේය. ඒ අනුව ඉදිරියේදී සුළං බාධක භාවිත කිරීම, බලාගාරයෙන් පිටවන අළු සෑම විටම ආවරණය කර තැබීම සහ වඩාත් ඉහළ ප්‍රමිතියකින් යුත් ගල් අඟුරු භාවිත කිරීම ආදිය සිදුකරන බව විෂයභාර අමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ අනුව අදාළ සුළං බාධක මේ මස 22 දින ආරම්භ කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පවසන ලදී.