නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් (අංක එක) බිඳ වැටීමකට ලක්ව තිබුණද කිසිදු ආකාරයෙන් විදුලි කප්පාදුවක් නොකරන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ නිරීක්ෂණ සංචාරයකට එක්වෙමින් අද (18දා) පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවැසුවේ, නොරෝච්චෝල ලක් විජය බලාගාරය ඉදි කිරීමෙන් පසුව පළමු යන්ත්‍රය 37 වතාවක් මේ වනවිට බිඳවැටීමට ලක්ව ඇති බවයි.
ඒ සෑම අවස්ථාවකදීම ශ්‍රී ලාංකික ඉංජීනේරුවන් විසින් නැවතත් යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කල බවත් මේ අවස්ථාවේදීද එය නැවත යථා තත්ත්වයට පත්කිරීමට කඩිනම්ව කටයුතු කරන බවට විශ්වාස තිබෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ අදියර තුනින් මේ වනවිට ජාතික විදුලි පද්ධතියට විදුලිය ලබාදීම වනුයේ, දෙවන ජනන යන්ත්‍රය පමණක් බවත් තුන්වැනි ජනන යන්ත්‍රය තාවකාලික නඩත්තුවකට නවතා ඇති බවත් එම යන්ත්‍රය තව දින කිහිපයකින් නැවත ක්‍රියාත්මක කිරීමට හැකි බවද සියඹලාපිටිය මහතා පැවසීය.