නොරොච්චෝලේ බලාගාරය මගින් මේ සතිය තුළදී ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 900 ක උපරිම දායකත්වයක් ලබාදීමට පියවර ගන්නා බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
වර්ෂ 2011 ජූලි මස 24 වන දින නොරොච්චෝල විදුලි බලාගාරයේ පළමු අදියර ක්‍රියාත්මක වූ අතර දෙවන අදියර 2014.05.04 වන දිනත් තෙවන අදියර 2014.10.14 වන දිනත් ක්‍රියාවට නැංවුන බවත් 2015 වර්ෂයේදී සමස්ත විදුලිබල සැපයුමට ලක් විජය බලගාරය මගින් ලැබූ දායකත්වය 33 % ක් බවත් අමාත්‍යවරයා ප්‍රකාශකළේය.