නොරොච්චෝලේ බලාගාරයෙන් පිටවන ගල් අඟුරු දහන අළු සඳහා සුළං බාධකයක් කඩිනමින් ඉදිකිරීමට පියවර ගෙන අවසන් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති හා වැඩබලන ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
පුත්තලම දිස්ත්‍රික්කයේ වියළි කාලගුණික තත්ත්වය හමුවේ ආපදාවට පත්ව සිටින ජනතාවගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමේ විශේෂ රැස්වීමක් අද (20දා) පුත්ත්ලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
නොරොච්චෝලේ තාප බලාගාරය හේතුවෙන් වායු ගෝලයට යම් ප්‍රමාණයක් එක් වන අළු තත්ත්වය පාලනය කිරීම සඳහා සුළං බාධකයක් ඉදිකිරීමේ කටයුතු සියල්ල අවසන් කර ඇති බවත්, එය කඩිනමින් ක්‍රියාවට නංවන අතර, ඒ හරහා දැනට ඇතිවී තිබෙන ගැටලුවට තිරසාර විසඳුමක් ලබාදෙන බවත් ඒ මහතා පැවසීය.
පුත්තලම දිස්ත්‍රික්කයේ නියඟයෙන් පීඩාවිඳි පවුල් 167,000ක් සඳහා රුපියල් මිලියන 485ක ආධාර මේ වන විට ලබාදී ඇති බව පැවසූ අමාත්‍යවරයා දැනට ආධාර නොලැබුණු පිරිස්වල තත්ත්වය සොයා බලා කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙස වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.