නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය නිකුත් කරන උණුසුම් ජලය මගින් සාගර ජල ජීවින්ට,පැළෑටිවලට හා සාගර පතුළට බලපෑමක් වන්නේදැයි යන්න සොයා බැලීම සඳහා නාරා ආයතනය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
නොරොච්චෝල බලාගාරයෙන් නිකුත් කරන උණුසුම් ජලය හේතුවෙන් සාගර සම්පත්වලට බලපෑමක් ඇතිවෙන බවට පරිසර සංවිධාන හා ධීවර ප්‍රජාව විසින් කරනු ලැබූ කරුණු පැහැදිලි කිරීමකට ප්‍රතිචාර වශයෙන් මෙම කමිටුව පත්කර තිබේ.
ඒ අනුව ගල් අඟුරු බලාගාරයෙන් නිකුත් කරන උණුසුම් ජලය සාගරයට මුදා නොහැර ඒවා සිසිල් කර ඉන් පසුව සාගරයට හෝ භූගත කිරීම ඇති හැකියාව පිළිබඳව අවධානය යොමුකරන ලෙස ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී ඇත.
එසේම ගල් අඟුරු ඇඹරීම මගින් නිකුත් වන දූවිලි හේතුවෙන් ධීවර ප්‍රජාවට හානි වන්නේදැයි සොයා බැලීමට පර්යේෂණක් යකරන ලෙසත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා උපදෙස් දි ඇත.