නොරොච්චෝලේ බලාගාරයේ සිටින යාන්ත්රික ඉංජිනේරුවන් අබිබවා රාජකාරි බලය අල්ලාගැනීමට විදුලි ඉංජිනරුවරුන් කටයුතු කිරීම නිසා අනාගතයේ රටේ ජනතාවගෙන් හරි අඩකට විදුලිය සපයන බලාගාරයක් රටට අහිමි වී යන බවත්, මේ නිසා මෙම ගැටලුව විසඳීමට බලධාරීන් වහාම මැදිහත් විය යුතු බවත් ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරයි.
පොදුවේ ගත් කල බලාගාරය පාලනය කළ යුතු වන්නේ යාන්ත්රික ඉංජිනේරුවන් වුවත්, වර්තමානය වනවිට බලාගාරය පාලනය කරන්නේ විදුලි ඉංජිනේරුවන් බවත්, මේ නිසා කණ්ඩායම් දෙක අතර යම් ගැටුමක් ඇතිවී තිබෙන බව ලංකා විදුලි සේවක සංගමයේ ප්රධාන ලේකම් රංජිත් ජයලාල් මහතා පෙන්වා දෙයි
මෙම ගැටුමේ ප්රතිඵල ලෙස බලාගාරය කඩින්කඩ අක්රියවෙමින් තිබෙන බවත්, මෙහි අවසාන ප්රතිඵලය වන්නේ ආණ්ඩුව විසින් බලාගාරය චීනුන්ට විකුණා දැමීම බවත් ප්රධාන ලේකම්වරයා සඳහන් කළේය.