පොදු ස්ථානවලින් නොමිලේ ලබාදෙන WiFi පහසුකම දින 5ක් තුළදී පුද්ගලයන් 1,693 දෙනෙකු ලබාගෙන තිබෙන බව ශ්රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
ඒ අනුව, දිවයින පුරා පොදු ස්ථාන 26ක ස්ථාපිත කර තිබෙන වයි-ෆයි කලාප වලදී මෙම පහසුකම ලබා ගෙන තිබෙන බවත් වැඩිම පිරිසක් වාර්ථා වන්නේ කොළඹ දිස්ත්රික්කයෙන් බවත් නියෝජිතායතනය පවසයි.
මෙම පිරිස මෙගාබයිට් 41,701ක අන්තර්ජාල පහසුකම් බුක්තිවිද තිබෙන බවද නියෝජිතායතනය සඳහන් කරයි.