කොළඹ කොටුවේ සිට උඩරට දුම්රිය මාර්ගයේ අවසන් දුම්රිය ස්ථානය වන බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබියදී ඊයේ (22දා)සවස පීලිපැනීමට ලක් වූ උඩරට මැණිකේ ශීඝ්‍රගාමී දුම්රිය යළි පීලිගත කිරිමෙන් පසු අද (23දා) උදෑසන සිට දුම්රිය ධාවනය සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
බදුල්ල දුම්රිය ස්ථානයට නුදුරු 43 වැනි බිංගෙය අසලදී මෙම පීලිපැනීම සිදු වී ඇති අතර, අනතුරින් කිසිවෙකුටත් හානියක් වී නොමැත.
අද උදෑසන 5.45ට උඩරට මැණිකේ දුම්රිය නැවත කොළඹ කොටුව බලා ගමන් ආරම්භ වීමත් සමග දුම්රිය ගමනාගමනය සාමාන්‍ය තත්ත්වයට පත්විය.දුම්රිය පීලිගත කිරිමට පැය 07ක පමණ කාලයක් ගතව තිබේ.
.jpg)
.jpg)
.jpg)