රටට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කාර්ය ඉතා ඉක්මනින් සම්පූර්ණ කළ යුතු බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්රකාශනය පිළිබඳ කල්තැබීමේ විවාදයේදී අදහස් දක්වමින් අද (10දා) පාර්ලිමේන්තුවේදී සම්බන්ධන් මහතා මේ බව ප්‍රකාශ කළේය.
රට බෙදීමට කිසිම පුද්ගලයකු හවුල් නොවිය යුතු බවත්, නොබෙදන නොබෙදිය හැකි ශ්‍රීලංකාවක් වෙනුවෙන් සහය දෙන බවත් සම්බන්ධන් මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
සියලුම ජනතාව සඳහා සමාන අයිතිවාසිකම් ලැබිය යුතු බවට වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.