ශ්‍රී ලංකාවට පැමිණ නොබියව ආයෝජන සිදු කරන ලෙසත් ඒ සඳහා අවශ්‍ය සියලූ පහසුකම් සපයා දීමට රජය සූදානම් බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.
මැලේසියාවේ සංචාරයක නිරත ජනපතිවරයා ඊයේ (15දා) මැලේසියාවේ පැවැති ව්‍යාපාරික සමුළුව අමතමින් ජනපතිවරයා මේ බව පැවැසීය. එසේම ඉදිරි වසර තුන ශ්‍රී ලංකාවේ සංවර්ධන වර්ෂ ලෙස නම් කර තිඛෙන බවත් ජනපතිවරයා මෙහිදී සඳහන් කළේය.
දෙරටේ අයෝජන සහ වෙළෙද අවස්ථා තවදුරටත් පුළුල් කර ගැනීම සහ නව ප්රවේශයන් ඇති කර ගැනීම පිළිබද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ බවද ජනපති මාධ්‍ය අංශය කියයි.