ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයෙහි භාෂාව, සංහිත්‍ය හා සංස්කෘතික අධ්‍යාපන විද්‍යායතනය තුළ සිංහල භාෂාව ඉගැන්වීමේ ඒකකයක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා රජයේ අවධානය යොමුව තිබේ. ඒ හරහා සිංහල භාෂාව හා සාහිත්‍ය මෙන්ම ශ්‍රී ලංකාවේ සංස්කෘතිය පිළිබඳව හැදෑරීමට කැමත්තක් දක්වන ඉන්දියාව ඇතුළු සාර්ක් කලාපයේ රටවල් මෙන්ම අනෙකුත් විදෙස් සිසුන් සඳහා අවස්ථාව ලබාදීම අපෙකෂා කරයි.
මේ පිළිබඳව ඉන්දියානු රජය සමග සාකච්ඡා කිරීමට විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කිළ යොජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.